කොරෝනා රෝගියෙක් නිසා මුළු ගමක්ම විෂබීජහරණයට
යාපනය රෝහලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු රෝහල්ගත වීමට පෙර යාපනය කයිට්ස් ප්‍රදේශයේ සැඟවී සිටීමට සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන්ගේ ආරක්ෂාව උදෙසා එම ප්‍රදේශය විෂබීජහරණය කිරීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
අදාළ රෝගියා අරියාලෙයි ස්විස් දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගී වූවෙකු වීම නිසා පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් සොයමින් සිටීම හේතුවෙන් වයිරසය පිළිබඳව අවබෝධයක් නොතීමත් නිසා යාපනය කයිට්ස් ප්‍රදේශයට ගොස් තැනින් තැන සැඟව සිට අනතුරුව රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසුව රෝහල් ගත වීය.
මේ හේතුව නිසාවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව නාවික හමුදාපතිගේ උපදෙස් පරිදි උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ අධීක්ෂණයෙන් නාවික හමුදා රසායනික ජීවවිද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ වූ ඒකකය විසින් කයිට්ස් ප්‍රදේශය ආවරණය වන පරිදි විජබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

