කොරෝනා මර්දනයට උරදෙන සියලු සෞඛ්‍ය ආරක්ෂක අංශවල අයට ජාතියේ උත්තමාචාරය දිය යුතුයි
කොරෝනා උවදුර පරාජය කිරීමේ ශක්තිය අපේ රටට ඇති බවත්, ඒ උදෙසා කැපවන සෞඛ්‍ය, ආරක්ෂක අංශවල සියලු දෙනාට ජාතියේ උත්තමාචාරය හිමිවන්න බවත් සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (27) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
මෙවැනි ව්‍යසනකාරී මොහොතක මානූෂීයව කටයුතු කළ යුතු බව පැවසූ ඒ මහතා, සමෘද්ධිලාභීන්ට ලබා දීමට පොරොන්දු වූ රුපියල් 10,000ක අත්තිකාරම් මුදල වර්ගීකරණයකින් තොරව ලබා දෙන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
රාජ්‍ය සේවකයන්ගේ ණය වාරික මැයි 30දක්වා අත්හිටුවන බවට ලබා දුන් පොරොන්දුව මේ මාසයේ ඉටු නොවීම කනගාටුවක් බව ද ඒ මහතා පැවසීය.

popular news
-
Samarajeewa Saturday, 28 March 2020 01:21 AM
ඔබතුමා කලින් කියාපු වැරදි වෛද්‍ය උපදෙස් කතාවට රටෙන් සමාව අරගන කරුණාකර පැත්තකට වෙලා ඉන්න. උගතුන්ට මේ ගැන කතා කරන්න ඉඩ දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

