රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ කොරියානු ජනරජයට සේවකයන් යැවීම හා භාර ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රයට අනුමැතිය ලැබි තිබේ.
මෙම ගිවිසුම හරහා ශ්‍රී ලාංකිකයන් දකුණු කොරියාවේ අවුරුදු 04ක් හා මාස 10ක රැකියා අවස්ථාවන් හිමිවෙයි.. කෙසේ වෙතත් සේවකයන්ගේ කාර්ය සාධනය මත පදනම්ව එම කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට හැකියාව පවතී.
අදාල අවබෝධතා ගිවිසුම වර්ෂ දෙකකට වරක් අලුත් කරනු ලැබිය යුතු වෙයි. මීට පෙර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුවේ නියමයන් යටතේස තවත් වසර 02ක් හො කොරියානු ජනරජය එකඟවන්නා වූ තවත් කාලසීමාවක් සඳහා නව අවබෝධතා ගිවිසුමකට මේ අනුව අත්සන් තැබීමට නියමිතය.