කොරියාවේ රැකියා පෙන්වා මුදල් වංචාකළ සැකකරු අල්ලයි
ජාත්‍යන්තර සිංහ සමාජය හා කාර්යාංශය එක්ව දකුණු කොරියානු රැකියා ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කර ඇති බවත්, ඒ සඳහා ප්‍රදේශයේ තරුණයින් සම්බන්ධ කරන ලෙසත් දන්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලිපි යොමුකර ඇත. ඒ පිළිබඳව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාට ලද තොරතුරක් අනුව මෙම ජාවාරම පිළිබඳව තොරතුරු සොයාබැලීම සඳහා විමර්ශන අංශයට යොමුකර ඇති අතර, ඒ අනුව උපාය දූතයින් දෙදෙනෙකු මාර්ගයෙන් මේ පිළිබඳව කරුණු සොයා බලා තිබේ.
එහිදී, මාර්තු මස 28 වන දින මාතර, රාහුල හන්දිය, කියුරෝ උසස් අධ්‍යාපන ශාලාවේදී මේ පිළිබඳව හදුන්වාදීමේ වැඩසටහනේදී භාෂාව පුහුණු කිරීමෙන් පසු රජය මගින් ලබාදෙන දකුණු කොරියානු රැකියා සඳහා තරුණයින් යොමුකරන බවත්, ඒ සඳහා ලියාපදිංචිය සඳහා රු.20,000 ක මුදලක් අවශ්‍ය බවත් පවසා තිබේ. එදින ලියාපදිංචිය ලබාගන්නා අයට කොරියානු භාෂාව හැදෑරීම සඳහා ජාත්‍යන්තර සිංහ සමාජය විසින් ප්රදානය කරන රු.35,000 ක් වවුචර්පතක්ද ලබාදෙන බව පවසා තිබේ.
මෙම තොරතුරු මත ක්‍රියාත්මක වූ කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් ගාල්ල, වංචාවල පදිංචි 49 වියැති, මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන අදාල ජාවාරම්කරු මාර්තු මස 28 දින මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරු, ගාල්ල ප්‍රදේශයේ අකාසුකී ලංකා නමින් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එහි භාෂා පුහුණුව සදහා පැමිණෙන පිරිසද මේ සඳහා යොමුකර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, මෙම රැකියා සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවද වැඩිදුරටත් අනාවරණය වී ඇත. එසේම මෙම ජාවාරම්කරු මීට පෙරද ජපන් රැකියා ජාවාරමක නිරත වී ඇති බවටද කරුණු අනාවරණය විය.
රාජ්‍යන් - රාජ්‍යන් අතර ක්‍රියාත්මක වන කොරියානු රැකියා වැඩසටහන, කාර්යාංශය වෙනත් කිසිඳු ආයතනයක් සමග එක්වී කටයුතු නොකරන බවද කාර්යාංශය අවධාරණය කරයි. එබැවින් දකුණු කොරියානු රැකියා ලබාගැනීම සඳහා කිසිදු බාහිර පාර්ශවයකට මුදල් හෝ පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.
අදාළ සැකකරු මාර්තු මස 28 දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
