කොරියානු ජනරජයේ පැවැත්වෙන 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම, අගෝස්තු 9 වැනි දින කොරියානු ජනරජයට බලපෑමට නියමිත ඛනුන් සුළි කුණාටුව හේතුවෙන් අගෝස්තු 8 වැනි දින සෙමන්ගම් ජම්බෝරි භූමියෙන් ආරක්ෂිතව ඉවත් කරගන්නා ලද බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම කණ්ඩායම සෝල් නගරයට නුදුරින් පිහිටි චොනාන් හි ඩන්ග්කුක් විශ්වවිද්‍යාලය වෙත ගෙන ගින බවත ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම නිරුපද්‍රිතව ඔවුන්ගේ නවාතැනට පැමිණ ඇති අතර ඔවුහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම ඔවුන් ඔවුන්ගේ නව ස්ථානයේ සිට ඇතැම් ක්‍රියාකාරකම් සහ වැඩසටහන් අඛණ්ඩව පවත්වනු ඇති බවත් කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජම්බෝරියට සහභාගී වන සියලුම ශ්‍රී ලාංකික බාලදක්ෂයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ කළමනාකාරිත්වය මෙන්ම අදාළ දකුණු කොරියානු බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවත් විදේශ කටයතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.