කොරියාවේ අඛණ්ඩ සහාය ලංකාවේ ප්‍රමුඛතාව අනුව
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කොරියානු නව පාලනය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවන් හඳුනාගෙන සමීපව කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා මත කොරියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බවද තානාපතිනිය අවධාරණය කළාය.
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (KOICA) නව නියෝජිතයින්ද මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අතර ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන KOICA ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, KOICA ශ්‍රී ලංකා හි අධ්යක්ෂ යූලි ලී ( Yooli LEE) සහ කොරියානු එක්සිම් බැංකුවේ කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ (EDCF) කොළඹ කාර්යාලයේ අධ්යක්ෂ ඕ ජියොන්ග්-ටේ (Oh Joeng-tae) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                