යතුරු පැදියෙන් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුගෙන් අයකුට මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී අද (03දා) සවස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එගොඩ උයන පොලිසිය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසු පැදිකරුට බවත් පොලිසිය කියයි. එම පුද්ගලයාගේ පපුවේ වම් පස ප්‍රදේශයට සහ ගෙලට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
වෙඩි ප්‍රහාරය එල්ල වූ යතුරු පැදිය මොරටුව දෙස සිට ගාලු පාර ඔස්සේ පානදුර දෙසට පැමිණෙමින් සිටියදී එම දිසාවටම යතුරු පැදියකින් පැමිණි නාඳුනනා පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
බරපතළ තුවාල ලද පසු පැදිකරු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.එම පුද්ගලයා ශල්‍යකර්මයට ද ලක් කිරීමට නියමිතය.
වෙඩි ප්‍රහාරය එල්ල වූයේ කුමන හේතුවක් මත ද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර මත්කුඩු ජාවාරමට සම්බන්ධ සිද්ධියක් බවට සැක සිතිය හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
වෙඩි ප්‍රහාරය ප්‍රහාරයේ ඉලක්ක වූයේ පැදිකරු ද පසු පැදිකරු ද යන්න මෙතෙක් අනාවරණය නැතැයි පොලිසිය කියයි.
තුවාල ලද චමත් නිරෝධ අනුහෙට්ටි නැමැති එම පුද්ගලයා පානදුර අරුග්ගොඩ පදිංචිකරුවෙකි.
එගොඩ උයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් / ජයසිංහ,පානදුර සුමිත් පොතුපිටිය