කොපර් ලයින් සබඳතා සඳහා මාසික ස්ථාවර ගාස්තු වැඩි කරයි
කොපර් ලයින් (තඹ කම්බි රැහැන්) සම්බ්නධතාවයෙන් දුරකථන පහසුකම් ලබා ගෙන ඇති සියලුම ටෙලිකොම් පාරිභෝගිකයන්ගේ මෙතෙක් මාසිකව ගෙවූ ස්ථාවර ගාස්තුව මේ ජූලි මස සිට වැඩි කිරිමට ටෙලිකොම් සමාගම පියවර ගෙන ඇත.
පසුගිය මස තෙක් කොපර් ලයින් සම්බන්ධතා ලබා ගෙන ඇති ගෘහස්ථ සහ ව්‍යාපාරික පාරිභෝගිකයන්ගෙන් ස්ථාවර ගාස්තු වශයෙන් රු.525/=ක මුදලක් අය කල අතර, ජූලි මස සිට එම මුදල රු.730/= දක්වා වැඩි කර කොපර් දුරකථන සම්බන්ධතා ලබා ගෙන ඇති පාරිභෝගිකයන්ගෙ දුරකථන බිල් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද වුව හොත් එහම දුරකථන සම්බන්ධතාවය විසන්ධි කිරිමටද ටෙලිකොම් සමාගම පියවර ගෙන ඇත.
ටෙලිකොම් සමාගම විසින් හදුන්වා දී ඇති ෆයිබර් ඔප්ටික්ස් තාක්ෂණය ප්‍රවර්ධනය කර කොපර් ලයින් සම්බන්ධතාවයෙන් දුරකථන සම්බන්ධතාවය ලබා ගෙන ඇති පාරිභෝගිකයන්ට ෆයිබර් ඔප්ටික්ස් තාක්ෂණයෙන් ලබා දී ඇති දුරකථන සම්බන්ධතාවයට මාරු වන ලෙසට ටෙලිකොම් සමාගම පාරිභෝගිකයන්ට දැනුම්දිම සිදු කරනු ලබයි.
කොපර් ලයින් සම්බන්ධතාවයක් ඇති පාරිභෝගිකයන්ට ෆයිබර් ඔප්ටික්ස් සම්බන්ධතාවය ලබා ගැනිම සදහා අමතර රු.5000ක මුදලක් ගෙවීමට සිදු වන අතර, ඇතැම් පාරිභෝගිකයන් කොපර් ලයින් සම්බන්ධතාවය ලබා ගෙන ඇත්තේ ෆයිබර් ඔප්ටික්ස් තාක්ෂණය හදුන්වාදීමට ප්‍රථම වන අතර, කොපර් ලයින් දුරකථන සම්බන්ධතාවයන් ලබා ගෙන ඇති පාරිභෝගිකයන්ට විදුලි බලය නොමැති අවස්ථාවක වූවද දුරකථනය ක්‍රියා කරන අතර, විදුලි බලය නොමැති අවස්ථාවල ෆයිබර් ඔප්ටික්ස් තාක්ෂණය ඔස්සේ දුකථන සම්බන්ධතා ලබා ගෙන ඇති දුරකථන ක්‍රියා කරන්නේ නැති බවද දුරකථන පාරිභෝගිකයන් කියා සිටියි.
කොපර් සම්බන්ධතාවයෙන් ක්‍රියා කරන දුරකථන විදුලි බලය නොමැති අවස්ථාවක වුවත් දුරකථන ඇමතුම් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණ පහසුකම් සහ කොපර් ලයින් සම්බන්ධතාවයෙන් අවස්ථාවල ෆයිබර් ඔප්ටික්ස් තාක්ෂණයට මාරු කිරිමෙදි අය කරන රු.5000ක මුදල අය නොකරන ලෙසටයි දුරකථන පාරිභෝගිකයන් ඉල්ලා සිටින්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

