කොන්ක්රීට් මාර්ගයට හානි සිදු කල සැකකරුවෙක් අත්අඩංගුවට
කොන්ක්රීට් අතුරා ප්රතිසංස්කරණය කරන ලද මාර්ගයක් මතින් හිතාමතා ගමන් කර එම මාර්ගයට හානි සිදු කල එක් සැකකරුවෙක් (11) දින රාත්රී අත්අඩංගුවට ගත් බවත්, තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර ඇති බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිලන්ත අඹේවර්ධන මහතා පැවසීය.
වත්මන් රජය මගින් තේ වතු වලට පිවිසෙන මාර්ග කොන්ක්රීට් අතුරා ප්රතිසංස්කරණය කිරිමේ වැඩසටහනට යටතේ දිඹුල පතන පොලිස්වසම යටතේ පාලනය වන කොටගල ෆොරස්ටික් වතුයායට පිවිසෙන මාර්ගය රු.ලක්ෂ 20ක ප්රතිපාදන යටතේ මීටර් 320ක් කොන්ක්රීට් අතුරා ප්රතිසංස්කරණය කිරිමේ කටයුතු (11) දින ආරම්භ කර ඇත.
එම මාර්ගය කොන්ක්රීට් අතුරා ප්රතිසංස්කරණය කිරිම නිසා එම කොන්ක්රීට් පද්ධතිය වියළෙන තෙක් දින 14ක් එය මතින් ගමන් කිරිම තහනම් කර ඒ බව දැන්වීමකින් සදහන් කර තිබියදීත් (11) දින පස්වරු 6:00ට පමණ එම වතුයායේම බීමත්ව සිටි තරුණ පිරිසක් තමන්ට කොන්ක්රීට් ඇතිරූ මාර්ගය මතින්ම ගමන් කල යුතු බව පවසමින් එම මාර්ගය දිගේ පා ගමනින් ගොස් ඇත.
එම වතුයායේ වතු කම්කරුවන් කොන්ක්රීට් ඇතිරූ මාර්ග මගහරිමින් එම මාර්ගය අභියසින් ගමන් කරද්දී බීමතින් සිටි එම තරුණ පිරිස එම මාර්ගය විනාශ කිරිමේ අරමුණින්ම (11) දින කොන්ක්රීට් ඇතිරූ කොටසින් ගමන් කල බවයි එම වතුයායේ පදිංචිකරුවන් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු (12) දින හැටන් මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත්, සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

