පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ජලාශයේ ජල මට්ටම සීග්‍ර ලෙස පහත බැස තිබේ.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීමත් සමග ජලාශයේ වාන් දොරටු හා අනෙකුත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු ජලාශ භාර ඉංජිනේරුවන් ඇතුළු සේවකයන් විසින් මේ දිනවල සිදු කරනු ලබයි.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම මෙසේ විශාල ලෙස පහත බැසීමත් සමග ජලාශයට යටව පැවති කඩදොර, තිස්පනේ, ඔීතලාව වැනි ප්‍රසිද්ධ විහාරස්ථාන ඇතුළු පැරණි ගම්මාන රැසක නටබුන් මතුව තිබේ.
මෙසේ මතුව තිබෙන නටබුන් නැරඹීම සඳහා දිනකට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවත්, එම නටබුන් ස්ථාන නැරඹීමේදී රොන් මඩ පිරී තිබීම හේතුවෙන් ජලාශයේ ජලය සහිත ස්ථානවලට බැසීම සිදු නොකරන ලෙස ජලාශ භාර නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
