ආපනශාලාවල පාන් පිටි නිශ්පාදන, කොත්තු රොටි ඇතුළු කෑම ජාතිවල මිල අද(18) මධයම රෑ සිට රුපියල් දහයකින් අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (18)දහවල් ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.
කොත්තු රොටිවලට සමගාමීව පාන් පිටි වලින් නිෂ්පාදනය කරනු ලබන එළවළු රොටි ,රෝල්ස්,පරාට වැනි කෑම ජාතිවලද මිල රුපියල් දහයකින් මිල පහත දමන බවද අසේල මහතා කීය.
මේ මිල අඩුවීමත් සමගම පාන් පිටි නිෂ්පාදන කෑමවල මිල ආපනශාලා වල ප්රදර්ශනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද අසේල මහතා කීවේය.
පාන් පිටි කිලෝග්රෑම් එකක් රුපියල් 250 සීමාව දක්වා අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීම සදහා මේ මිල අඩුකිරිම සිදු කළ බවද අසේල මහතා කීවේය.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත