ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් බඳවා නොගැනීමට රජය ගත් තීරණය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙතසමක් අද (02) ගොනු කළහ.
කවිතා ගිමාණී පැල්පොල ශිෂ්‍යාව ඇතුළු සිසු සිසුවියන් දසදෙනකු ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.
තමන් සියළු දෙනාම 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින්නෝ බව පවසන පෙතසම්කරුවෝ දේශීය සිසුන්ට මුදල් ගෙවා මෙම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබාගැනීමට හැකියාව තිබු හෙයින් තමන් ඊට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි බව සඳහන් කරති.
තත්ත්වය මෙසේ තිබියදී නියෝජ්‍ය ආරක්ෂක ඇමති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා විදේශීය සිසුන් සහ ශිෂ්‍ය භට නිලධාරීන් වශයෙන් බඳවා ගන්නා සිසුන් හැර අනෙකුත් දේශීය සිසුන් බදවා නොගන්නා බවට තීරණය කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල වෙබ් අඩවියේ පසුගිය මැයි 22 වැනිදා සටහනක් තබමින් එම විශ්ව විද්‍යාලයට වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා තවදුරටත් දේශීය සිසුන් බදවා නොගන්නා බවට දැනුම් දී ඇතැයිද සඳහන් කරති.
ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධියට පමණක් මෙවැනි තහංචි දැමීම තුළින් මෙම විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටි තමන් ඇතු`ථ සිය`ථ සිසුන්ට විශාල අසාධාරණයක් සිදු වු බව පවසන පෙත්සම්කරුවෝ රජයේ මෙම තීරණය හේතූවෙන් තමන්ගේත්, රටේ ජනතාවගේත්, මුලික අයිතිවාසිකම් කඩවි ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටිති.
එබැවින් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන්නැයිද වෙබ් අඩවියේ ප්‍රකාශිත දැන්වීම ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්න්කරුවෝ ඉල්ලා සිටිති.