කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුට පහරදුන් කප්පම්කරු අල්ලයි
2026.06.09 දින මැදවච්චිය ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් කප්පම් ඉල්ලා එහි හිමිකරුට පහරදෙන ආකාරයේ දර්ශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් 2026.06.10 වන දින මැදවච්චිය පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.
මෙම වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය මඟින් විමර්ශනයක් සිදුකළ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු 2026.06.17 දින සවස් කාලයේ මැදවච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු විසින් අදාල පහරදීම සඳහා යොදා ගත් තියුණු ආයුධයක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු අවුරුදු 29 ක් වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පහරදීම කප්පම් ලබාගැනීමේ අරමුණින් සිදුකළ පහරදීමක් නොවන බවත්, සැකකරු හා ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු අතර තිබූ පැරණි ආරවුලක් හේතුවෙන් සිදුකළ පහරදීමක් බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත. සැකකරු 2026.06.18 දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මැදවච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

