ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු හෙට (09) පෙරවරු 09 ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත.මෙම නවීකරණ කටයුතු ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව සිදු කිරීමට නියමිතය. මේ යටතේ දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගනු ඇත.
