යාපනය ඉරුපලෙයි ප්රදේශයේදී කොටි ත්රස්තයින් වලදැමූ බවට සැකකෙරුනු ස්ථානයක රත්ත්රන් සොයා සිදුකල කැනීම් නවතා දැමීමට යාපනය මහෙස්ත්රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා ඊයේ (18දා) නියෝග කළේය.
කෝපායි පොලිස් ස්ථානයට කොටි ත්රස්තයින් විසින් යුදසමයේදී රත්තරන් තොගයක් වලදමා ඇති බවට ලැබුනු තොරතුරකට අනුව ඉරුපලෙයි ඕලන්ද මාර්ගයේ පිහිටි ඉඩමක නිවසක් ආසන්නයේ අදාල කැනීම සිදුකරන ලදි.
යාපනය මහෙස්ත්රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා වෙත දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්රාත්වරයා ඉදිරියේදී පස්කපන යන්ත්ර යොදා කැනීම් සිදුකලද කිසිවක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු නවතා දැමීමට යාපනය මහෙස්ත්රාත්වරයා නියෝග කොට සිටියේය.
යුදසමයේදී කොටි ත්රස්ත සංවිධානය විසින් රත්රන් වලදැමූ බවට සැකකෙරෙන ස්ථන රැසක් උතුරු ප්රදේශයේ කැනීම් සිදුකලද මේවන තුරුත් අදාල කැනීම් වලදී කිසිවක් හමු නොවී ඇති බවටද පොලීසිය පවසයි.
