පවතින අධික වර්ෂාවත් සමග කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයත් ඊයේ (21) උදෑසන සිට වාන් දැමිමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කොට්ටුකච්චිය ගොවි ජනපදයේ ප්රධාන ජලාශය වන මෙය 1950 දශකයේ ආරම්භ කර තිබු අතර එහි අක්කර දහසකට ආසන්න වපසරියකින් යුතු විශාල ජලාශයක් වෙයි .
අඩි 200කට ආසන්න දිගකින් යුත් මෙම ජලාශයේ වාන තුළින් අගල් 10කට ආසන්න දැවැන්ත ජල කඳක් කිරල් ඔයට ගාලා යන අතර ඉන්පසුව එම ජලයෙන් තවත් අතුරු වැව් රැසකට ජලය ලැබිම සිදුවන බව ද පැවසේ.
ඉතා අලංකාර දසුනක් වන මෙම වාන් දැමිම බැලිම සදහා බොහෝ දෙනෙකු පැමිණ සිටිමද දැක ගත හැක.
පුත්තලම - හිරාන් ප්රියංකර

