මහ වැසි ඇද වැටිම ආරම්භ විමත් සමග කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය මේ වන විට වාන් දැමිම ආරම්භ කර ඇති බව පුත්තලම වාරි මාර්ග ඉංජීනේරු කාර්යාලය කියයි.
පසුගිය දින කිපය පුරා නොකඩවා ඇද හැළුන මහ වැසි සමග කච්චිමඩුව ජලාශය අඩි 300 කට ආසන්න වාන මතින් අලංකාර දිය රැලි නන්වමින් වාන් දමමින් පවතින අයුරු මෙසේ කැමරාවේ සටහන් විනි.
කච්චිමඩුව වාන් දැමිම හේතුවෙන් පහල ප්රදේශ වල පදිංචිකරුවන්ට කිසිදු හානියක් සිදු නොවන බවත් මේ වන විට වාන මතින් අගල් 3 ක පමන ජල කදක් පමනක් ගලා යාම සිදුවන බව වාරි මාර්ග ඉංජීනේරුවන් පවසති.

