කොට්ටාව, මාකුඹුර නිවාස ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
දක්ෂිණ අධිවේගී මාර්ගය හා හයිලෙවල් මාර්ගය ආසන්නයේ මාකුඹුර ඉදිවන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 314කින් සමන්විතයි.
නිවාස නොමැති ජනතාවට නිවාස තුන්දහසක් ලබා දීමේ වැඩසටහන යටතේ මධ්‍යම පාන්තිකයින් සදහා මෙය ඉදි කෙරෙන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.
මෙම නිවාස පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ලබා දෙන අතර ඒ සදහා වසර 25ක කාලයක් හිමිවනවා. අඩු පොලී අනුපාතයක් සහ බැංකු ණය පහසුකම් මත නිවාස ලබා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකරන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි. වර්ග අඩි 700කින් සමන්විත නිවසක් නිදන කාමර දෙකකින් සමන්විත වන අතර වර්ග අඩි 900කින් සමන්විත නිවසක නිදන කාමර 3 ක් ඇතුළු අනෙකුත් පහසුකම් පවතිනවා.