කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනය ්කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ උතුර කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව බම්බලපිටිය පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දක්වමින් අද(19) පැවසීය.
සැකකාර පාසැල් ගුරුවරයා සම්බන්ධයෙන් විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සුන්දරලිංගම් සංකරන් නැමැති සැකකරු අධිකරණයේ පෙනී සිටියේය.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු කරන බවය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන සංජය ගමගේ සහ ගුණරත්න වන්නිනායක යන මහත්වරු කරුණු දක්වමින් අපයෝජන සිද්ධිය වූ විගස මියගිය දැරිය තවත් දැරියකට ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇති බවත් ඇය ඒ පිළිබඳ පාසලේ විදුහල්පතිවරිය දැනුවත් කර ඇති බවත් සඳහන් කළහ.
එහෙත් අදාල විදුහල්පතිවරිය මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට වාර්තා නොකොට එය යට ගැසීමට කටයුතු කර ඇතැයි සඳහන් කළ නීතීඥවරු 2024 දෙසැම්බර් 8 වැනිදා පැමිණිල්ල ඉදිරිපත් කළත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ ජනවාරි 08 වැනිදා බවත් පෙන්වා දුන්හ.
සිද්ධියට සම්බන්ධ පාර්ශ්ව ගෙන්වා විභාගයක් පැවැත්වීමට විදුහල්පතිවරිය කටයුතු කිරීම නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බව පෙන්වා දුන් නීතීඥවරුඅපයෝජනයට ලක්වූ දැරියගේ මවගෙන් පොලිසිය සටහන් කරගත් ප්‍රකාශයේ අඩු ලූහුඩුකම් ඇතැයි පැවසූහ.
මේ අවස්ථාවේදී අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා ”මවගේ ප්‍රකාශයේ අඩු ලුහුඬුකම් තිබෙනවා යැයි ඔබ කියන්නේ කොහොමදැයි ”විමසා සිටියේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මවගෙන් සහ දැරියගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස තමා නියෝගයක් කළ බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මුල් අවස්ථාවේදී කිසිවෙකු ඉදිරිපත් නොවී අඩු ලුහුඬුකම් මතක් වී ඇත්තේ මාස හයකට පසුවදැයි ප්‍රශ්ණ කළේය.
කරුණු සලකා බැලීමෙන් අනතතුරුව ජුනි මස 23 වැනිදා පැමිණල්ල යලි කැදවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය එදින වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය .
සචිත්ර ගුණසේකර