කොළඹ කොටස් වෙළඳපොළ අද (31දා) දැවැන්ත කඩා වැටිමකට ලක්විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒකක 391කින් පහළ ගොස් ඒකක 8903ක් බවට පත්විය.
සියලු කොටස් මිල දර්ශකය මෙසේ ඒකක 9000න් පහළට ගියේ මාස 6කට පසුව වෙයි. අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීම සියයට සෘණ 4.21ක් වෙයි.
මේ අතර එස්. ඇන්ඩ් පී දර්ශකයද ඒකක 221කින් කඩා වැටීමට ලක්ව ඒකක 2974ක් බවට පත්විය. එහි කඩා වැටීම සියයට සෘණ 6.92කි.
විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් අද දිනයේ කොටස් වෙළඳපෙලේ කටයුතු පැය 2කට සීමා විය.