කොළඹ කොටස් වෙළඳපොළ තුළ අද දිනයේද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකකය 206.17කින් ඉහළ ගියේය.
ප්රතිශතයක් ලෙස එය සියයට 2.43ක වර්ධනයකි. දිනය අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකකය 8 706ක් ලෙස දැක්විණ.
මීට අමතරව එස්. ඇන්ඩ් පී. දර්ශකයද ඒකක 125.09කින් ඉහළ ගොස් දිනය අවසානයේදි එකක 2928.96ක් ලෙස සටහන් විය. එය පෙර දිනයට සාපේක්ෂව සියයට 4.46ක වර්ධනයකි.