රඹුක්කන, දැලිවල කොටවෙහෙර ධාතු මන්දිරයේ තිබූ මිල කළ නොහැකි කරඬුවක් ඇතුළු පුරාවස්තු කිහිපයක් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයට උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.
මේ සම්බන්ධයෙන් මේ වන විට සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විමර්ශන පවත්වන අතර ඊට අමතරව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණ සඳහා කැඳවා තිබේ.
සැකකරුවන් අණාවරණය කර ගැනීම සඳහා CCTV දර්ශන පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.