ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් 4 වන ස්වෙච්ඡා යුද්ධ හමුදා කාන්තා බළකාය සේවා අවශ්‍යතාවය මත මැදවච්චිය ප්‍ර දේශයේ ස්ථානගත කළත් ප්‍රා දේශීයව ඉඳුරාම බදවා ගන්නා ලද එම හමුදාගත සෙබළියන් ඔවුන් මෙතෙක් රාජකරී කටයුතු කරනු ලැබූ සේවා ප්‍ර දේශ තුළින් ස්ථාන මාරු කිරීම සඳහා කිසිඳු සැලැස්මක් නොමැති බව හා ඔවුන්ගේ නිවාස ආසන්නයේ පිහිටි කඳවුරු වෙත එම ස්ථානමාරුවීම් ඉදිරියේදී සිදු කෙරුනු ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.
ජාතිය ගොඩනැගීම හා කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඳුරාම බදවා ගන්නා ලද දමිළ සෙබළියන්ට ස්ථානමාරුවීම් ලබාදීමට යුද්ධ හමුදාවේ සූදානමහක් ඇති බවට ලද තොරතුරක් මුල්කරගෙන ඔවුන්ගේ ළඟම ඥාතීන් 2023-05-15 සවස 6ට පමණ 4 වන ශ්‍රී ලංකා කාන්තා බළකා කඳවුර අසළට පැමිණ විනාඩි 30කට ආසන්න කාලයක් රැදෙමින් ඔවුන්ගේ ඥාති සෙබළියන් එම ප්‍ර දේශයෙන් ස්ථානමාරු නොකරන ලෙස ඉල්ලා තිබුණි.