විදේශ රටකට අයත් මෙරට සමාගමක විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කරන පුද්ගලයෙකු කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන කොට්ටාව අධිවේගී පිවිසුමෙන් ඇතුළු වීමට යාමේදී ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල අම්පේගම ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයා කොළඹ දෙස සිට අධිවේගී මාර්ගය හරහා කඩවත දෙසට යාමට කොට්ටාව පිවිසුමෙන් ඇතුළු වීමට යාමේදී එහි රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් (61760) ලංකාජීව නිලධාරියා මෝටර් රථය පිළිබඳව සැකසිතී නවතා පරීක්ෂාකර තිබේ.
එහිදී මෝටර් රථය පැදවූ රියැදුරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 482 , කේරල ගන්ජා ග්‍රෑම් 05 , සහ ඔතන ලද ගංජා සුරුට්ටු තුනක් පොලිස් භාරයට ගෙන ඇති අතර පසුව මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව පැවසේ .
මෙම මත්ද්‍රව්‍ය නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ මිලදීගෙන සැකකරු තාවකාලිකව පදිංචි කඩවත ප්‍රදේශයට මෙසේ රැගෙන යමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු විදේශ රටකට අයත් මෙරට සමාගමක විදුලි ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන අතර සෑම සතියකට වරක් මෙසේ මත්ද්‍රව්‍ය මිලදී ගෙන කඩවත ප්‍රදේශය ප්‍රදේශයට රැගෙන යන බව පොලිසිය පවසයි .
ඒ අනුව සැකකරු මත්ද්‍රව්‍ය තොගය සහ මෝටර් රථය ද සමග අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම මූලස්ථාන පොලිසියට භාරදීමට නියමිතව තිබුණි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න