රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු දෙල්ගොඩ රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එහි දී සැකකරු සමඟ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 150 අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 550 ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 43 ක වයැසැති වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගහවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.