අල්ලස් කොමිෂම විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාගත නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ හා ඔවුන් දෙදෙනාගේ දියණියක් අද දිනයේදී ඇප කොන්දේසි සැපරීමෙන් අනතුරුව මුදා හරිනු ලැබීය.
මේ අතර මුදල් විශුද්ධීකරණය යටතේම අද දිනයේදී අත්අඩංගුවට ගත් කෙහළිය රඹුක්වැල්ල මහතාගේ තවත් දියණියන් දෙදෙනෙක් හා එම එක් දියණියකගේ සැමියෙකුද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරා අධිකරණයෙන් පිටව ගියේය.