අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 20දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙනුවෙන් සිය ඥාතීන්, හිතවතුන් හා දේශපාලන ආධාරකරුවන් බදවාගෙන ඔවුන්ගෙන් සේවා ලබා නෙගෙන වැටුප් ගෙවා රජයට රුපියල් ලක්ෂ 80ක මුදලක් පාඩු කිරිමේ චෝදනා යටතේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.