කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල් 240,000ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව අද දිනයේදී කොළඹ මහාධිකරණයේදී විභාගයට ගත්තේය.
ඔහුට අමතර මෙම නඩුව සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයද පෙනී සිටියේය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ නඩුව යළිත් දෙසැම්බර් මස 9 දා කැඳවන ලෙසට විනිසුරුවරයා නියම කළේය.