කෙහෙල් බද්දර පද්මෙයි, කමාන්ඩෝ සලින්තයි මැලේසියාවේදී අත්අඩංගුවට ගත් බවට නිළ වාර්තා නෑ
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල් බද්දර පද්මෙ සහ කමාන්ඩෝ සලින්ත මැලේසියාවේදී අත්අඩංගුවට ගත් බවට නිළ වාර්තාවක් පොලීසියට නොලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසීය.
කොළඹ අද(14දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ප්රශ්නය - කෙහෙල් බද්දර පද්මෙයි, කමාන්ඩෝ සලින්තයි ඉන්න තැන හරියටම දන්නේ නැතිවද පොලිස් කණ්ඩායම් විදෙස් ගතවෙලා මේ අය හොයන්න ගියේ?
පිළිතුර - ඔබ කියු නම් දෙක සම්බන්ධයෙන් මෙතෙක් නිළ වාර්තාවක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හෝ පොලිස් මට්ටමින් හෝ ඉන්ටර්පෝල් හරහා හෝ මෙතෙක් අප වෙත ලැබිලා නෑ.
ප්රශ්නය - කෙහෙල් බද්දර පද්මෙයි, කමාන්ඩෝ සලින්තයි අත්අඩංගුවට පත්වුණා කියලා පොලීසියට තමයි තොරතුර ආවේ. ඒක පාදක කරගෙන තමයි මාධ්‍ය මේක වාර්තා කළේ.
පිළිතුර - පොලීසියට එහෙම වාර්තාවක් ලැබුණේ නෑ. පොලීසියට එහෙම වාර්තාවක් ලැබෙනවා නම් ලැබෙන්නේ ඔවුන් අත්අඩංගුවට ගත් බව සනාත කරමින්. නමුත් නිළ ආරංචියක් අපිට ලැබී නැහැ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

