කෙහෙල්බද්දර පද්මේට ව්‍යාජ උප්පැන්න සහතිකයක් නිකුත් කළ අතිරේක රෙජිස්ටාර් රිමාන්ඩ්
ලියාපදිංචි කිරීමේ රෙගුලාසිය අවභාවිත කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි සාමාජිකයකු බව කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ව්‍යාජ උප්පැන්න සහතිකයක් නිකුත් කළැයි කියන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ටාර් රුවිනි වාසනා සැකකාරිය ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (24දා) නියෝග කළාය.
අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන්,ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකාරිය ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියේ රාජ්‍ය නිලධාරියකුව සිටිමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීමට ආධාර අනුබල දෙමින් දණ්ඩ නීති සංග්‍රහයේ හා ආගාමික විගාමික පනතේ වරදවල් කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගත් බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

