අද දින අළුයම කටුනායක පොලිස් වසමේ හීනටියන ප්රදේශයේදී කෙහෙල්බද්දර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර ටී-56 පතරෙම් 54 ක් හා මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කටුනායක පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සැකකරු වයස අවුරුදු 25 ක් වන හීනටියන, මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී මෙම පතරොම් 54 හා මැගසිනය විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකුට අයත් බවට අනාවරණය වී ඇත. කටුනායක පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.