බලපත්රයක් නොමැතිව කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ වැලි ගොඩ දමමින් සිටි පස් දෙනෙකු අද (19දා) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
සැකකරුවන් කෙසෙල්ගමුඔයේ එල්ටොප්ස් වත්ත ප්රදේශයෙන් බලපත්රයක් නොමැතිව වැලි ගොඩ දමමින් සිටින බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
සැකකරුවන් බගවන්තලාව ප්රදේශයේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් වැලි ගොඩ දමා එම වැලි තොග විශාල මුදලකට අලෙවි කිරිමේ ජාවාරම නිරතව සිට ඇති බවත්, සැකකරුවන් වැලි ගොඩ දැමිමට උපයෝගි කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

