කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් රක්ෂණභාර අරමුදල සමග ඇතිකරගෙන තිබූ ප්රතිරක්ෂණ ගිවිසුම අහෝසිකිරීම නිසා කෘෂිරක්ෂණ මණ්ඩලයට රුපියල් මිලියන 163.6ක පාඩුවක් සිදු වී ඇති බව සඳහන්ය.
මේ බව සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය මගින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ යෝජනාක්රමය සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවේය.
රක්ෂණභාර අරමුදල සමග ඇතිකරගෙන තිබූ ප්රතිරක්ෂණ ගිවිසුම අනුව 2019 වර්ෂයේ යල කන්නයේදී එක් ගොවියෙකු සඳහා වාර්තාගතවියහැකි මුළු වන්දි වටිනාකමින්මුල් රුපියල් 10,000ක මුදල ගෙවීම සඳහා රුපියල් මිලියන 312ක හිඟ මුදලක් ලබාගත යුතුව තිබුණි.
එහෙත් කෘෂිරක්ෂණ මණ්ඩලය මගින් එම හිඟ මුදල ලබාගැනීම වෙනුවට 2020 වර්ෂයේදී ගිවිසුම අහෝසිකර රුපියල් මිලියන 148.3ක මුදලක් ලබාගැනීම නිසා කෘෂිරක්ෂණ මණ්ඩලයට රුපියල් මිලියන 163.6ක අලාභයක් සිදු වී ඇති බව විගණනය මගින් අනාවරණය කර ඇත.
ප්රතිරක්ෂණ ආවරණය ක්රියාත්මක නොවූ නිසා මෙකී මුදල ලැබිය යුතු මුදලක් ලෙස ගණන් බලා තිබූ අතර, මෙම මුදල කෘෂිරක්ෂණ මණ්ඩලය වෙත ලැබී නොමැති බවද කෘෂිරක්ෂණ මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට දැනුම් දීතිබේ.
රවීන්ද්රශ්රීලාල් / චන්දන සමරවික්රම