කෘෂිකර්ම, ධීවර හා අඩු ආදායම් ලාභින්ට හිමිවන සහන මෙන්න
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයන් හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති බවත්, ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සහන පැකේජයක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක වන අස්වැසුම වැඩසටහන යටතේ, 2026 අප්‍රේල් මාසය සඳහා විශේෂ අමතර දීමනා ලබාදීමටද යෝජනා කර තිබේ. ඒ අනුව අන්ත දිළිඳු පවුල් සඳහා රු 7,500ක්, දුප්පත් පවුල් සඳහා රු 5,000ක් සහ සංක්‍රාන්තික පවුල් සඳහා රු 2,500ක් ලබාදීමට නියමිතය.
විදුලි පාරිභෝගිකයින් සඳහාද සහන ලබාදෙමින් ඒකක 90ට අඩු භාවිතා කරන පාරිභෝගිකයින් සඳහා අමතර වියදම මාස 3ක් සඳහා රජය විසින් භාර ගැනීමට තීරණය කර ඇත.
කෘෂිකර්ම ක්ෂේත්රය සඳහා, යල කන්නය වෙනුවෙන් පොහොර සහනාධාරය වැඩි කරමින් ප්‍රධාන භෝග සඳහා හෙක්ටයාරයකට රු 30,000ක් දක්වා සහ අතිරේක භෝග සඳහා රු 18,000ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. එසේම යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රු 10,200ක ස්ථාවර මිලකට ලබාදීමටද තීරණය කර ඇත.
ධීවර කර්මාන්තයට සහන ලෙස, එක් දින ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ලීටරයකට රු 50 බැගින් සහනාධාරයක් ලබාදීමටත්, බහුදින යාත්‍රා සඳහා රු 150,000ක එක්වර දීමනාවක් ලබාදීමටත් නියමිතය.
මෙම සහන පැකේජය තුළින් ඉන්ධන, විදුලි, කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්රවල පීඩාව අඩු කරමින් ජන ජීවිතයට සහන සැලසීම රජයේ අරමුණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
