කෘෂිකර්මාන්තයේ සියලු බදු ඉවත් කරනවා - ගෝඨා
කෘෂිකර්මාන්තයේ බදු සියල්ලම ඉවත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ කුලියාපිටිය රැළිය අමතමින් මේ බව පැවැසීය.
" මේ රටේ ආරක්ෂාව නැවත තහවුරු කරන්නට, ආර්ථික වශයෙන් රට සංවර්ධනය කරන්නට පැහැදිලි ආර්ථික සැලැස්මක් අප ඉදිරිපත් කර තිබෙනවා. මේ රජයට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ගොවි ජනතාව වත්මන් ආණ්ඩුවෙන් අපහසුතාවකට පත්වෙලා. අප ඉදිරියේදී ගොවීන් වෙනුවෙන් සහන රැසක් ලබා දෙනවා.
ඉදිරියේදී අපි පොහොර නොමිලේ ලබා දෙනවා. ගොවීන්ගේ ණය කපා හරිනවා. ගොවි ජනතාව වෙනුවෙන් දිරිමත් කිරීමට රක්ෂණ, ණය ක්‍රම ඇති කරනවා. නවීන තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දෙනවා.
රජයේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් අසරණ වෙලා. ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසාකයන්ට ආයෝජන අවස්ථා ලබාදෙමින් බදු ප්‍රතිපත්තිය සරල කරනවා.
විවිධ බදු වර්ග, දුරකථන ඇතුළු බදු ඉවත් කරලා බදු ක්‍රමය සරල කරනවා. විදේශීය විශේෂඥයන් විසින් සකස් කළ බදු ප්‍රතිපත්ති මේ රටට ගෙනැත් ජනතාව අසරණ කර තිබෙනවා. අපි විද්වතුන් සමඟ සාකච්ඡා කරලා සකස් කළ වෙනස් නොවන බදු ප්‍රතිපත්තියක් අප ඉදිරිපත් කරනවා.
වැට් බද්ද සියයට 20 සිට සියයට 11 දක්වා අඩු කළා. යළිත් මේ රජය වැට් බද්ද සියයට 15 ක් දක්වා වැඩි කළා. අපේ රජයක් යටතේ වැට් බදු සියයට 8 ක් දක්වා අඩු කරනවා. කෘෂිකර්මාන්තය අදාළ සියලුම බදු ඉවත් කරනවා. රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමට නව ව්‍යාපාර ඇති කිරීමට බදු සහන ලබා දෙනවා. රටේ ආර්ථිකය දියුණු කිරීමට නම් රටක ස්ථාවරත්වයක් ඇති විය යුතුයි.
අද තරුණ තරුණියන් විශාල පිරිසක් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු අතරමං වෙනවා. අපි තරුණ තරුණියන්ගේ නිපුණත්වය වැඩි කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය බලාපොරොත්තුවෙන් සිටින සියලූම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙන බවට පොරොන්දු වෙනවා. සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ සමත්ව සිටින සිසු සිසුවියන්ට නිපුණත්වයක් ලබාදී රැකියා අවස්ථා ලබා දෙනවා.
ඔවුන්ට හොඳ වේතනයක් ලැබෙන පරිදි රැකියා අවස්ථා බිහි කරනවා. සමාජයේ අතරමංව සිටින තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් අප ක්‍රියාත්මක කරනවා. රටේ ආරක්ෂාව ඇතුළු සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් සැලසුම් සකස් කර අවසන්. අපට හොඳ නායකත්වයක් තිබෙනවා. නිවැරදි තීන්දු තීරණ ක්‍රියාත්මක කළ හැකි හොඳ කණ්ඩායමක් අප සතුව සිටිනවා."

popular news
-
රට අදුරින් එලියට Saturday, 19 October 2019 09:12 AM
ප්‍රතිපත්ති නැති සුපුරුදු කතා සාප්පු. ඕක ඉතින් බලාගන්න වෙන්නෙත් මුදල් ඇමති අයිය ට ම නේද. මුන් දෙගොල්ලගම තියෙන්න බොරු පොරොන්දු විතරයි. රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති දේශපාලනයකි. මුන්ගේ නැත්තේම එයයි . මෙලෝ අදහසක් නැති පොරොන්න්දු. ඕව ඉල්ලන්න ගිය ගමන් රතුපස්වල හෝටලෙන් හැමට කම හම්බු වෙයි. මොකද බුලත් දීල පවද එලලානේ මේද පර හිල්ටර් ව ගෙන්න හදන්නේ. මෙදාපාර අනිවාර්යයෙන්ම විකල්පය බලගැන්විය යුතුයි. සියලු දේශපාලකයින් හා එයට ගෑවුණු සියල්ලන්ම දුෂිතය. එම සමම එක මිටට තබා ප්‍රතික්ෂේප කරමු. රට අදුරින් එලියට ගැනීම සදහා අනිවාර්යයෙන්ම ආලෝකයක් දැල්වීමට පෙරට පැමිණිය යුතුය. එය කරන්නට මෙවර නොපැකිළෙමි.
Reply : 0 0
Champa Saturday, 19 October 2019 09:39 AM
මහත්මයා, A/L පාස් වෙන හැමෝටම කැම්පස් යන්න බැරි ඉඩ මදි නිසා. ඒ හින්ද ඔබේ පොරොන්දුව ප්‍රයෝගික නැහැ. ඉස්සෙල්ල පොළොවේ පය ගහල ඉන්න. ඔබේ පොරොන්දු හුදු පොරොන්දු විතරයි. කිසිම ප්‍රයෝගික සැලැස්මක් නැතුව කියන ඔබේ පොරොන්දු ඔක්කොම විහිළු. ඔබයි ඔබේ ප්රතිවාදියයි දෙන්නම කියන්නේ අප්‍රබංශ. ඔබ ප්රබුද්ධ අපබ්‍රංශ කියනව ඔබේ ප්‍රතිවාදියා අප්රබුද්ධ අපබ්‍රංශ කියනව.
Reply : 0 0
Dayan Saturday, 19 October 2019 11:13 AM
කවුරුත් නත්තල් සීයෝ වගේ. බදු කපනවලු පොහොර නිකන් දෙනවලු. මේවට රැවටෙන්න එපා. රටේ නය ගෙවාගන්න සල්ලි නැතුව කොහොමද මේවා කරන්නේ. හිගන්නෝ තවත් හිගමනට පත්වෙනවා. මීට වැඩියෙන් සත්‍යට මුහුණදෙන විදිය කියන අය ගැන සලක බැලිය යුතුය්. සුරංගනා කතා වලට රැවටුන කාලේ අවසන් නොකලොත් රට තවත් වලට තමා.
Reply : 0 0
ranjith Sunday, 20 October 2019 03:46 AM
ජනතාව මුල කරන බොරු කතා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

