කෘතීම බුද්ධිය තවදුරටත් වර්ධනය වීම හරහා මිනිසුන්ට රැකියා අහිමි වෙනවා වෙනුවට වැඩි රැකියා අවස්ථ ප්‍රමාණයක්
නිර්මාණය වෙනු ඇතැයි ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් පැරිසියේ පැවති තාක්ෂණික සමුළුවකදී අනාවැකි පළ කළේය.
AI මගින් විශාල සේවකයින් සංඛ්‍යාවක් රැකියා විරහිත කරනු ඇතැයි යන්න බෙසෝස් ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔහු තර්ක කළේ තාක්ෂණය නව අවස්ථා විවෘත කර මිනිස් ශ්‍රමය සඳහා ඉල්ලුම වැඩි කරනු ඇති බවයි.
"AI මගින් මිනිසුන් අතිරික්ත කිරීමට යන බවට බොහෝ බුද්ධිමත් පුද්ගලයින් ඇතුළු බොහෝ දෙනෙකුට ඇති කනස්සල්ල ගැන මම දන්නවා ," බෙසෝස් පැවසීය.
"මම මෙම දෘෂ්ටිකෝණයට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නෙ නෑ. ඇත්ත වශයෙන්ම, AI ශ්‍රම හිඟයක් ඇති කරනු ඇතැයි මම සිතනවා.."