කුවේටයේ ගෘහ සේවයට ගිය ලාංකිකයන් පිරිසක් ගෙන එයි
මෙම පිරිස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීමෙන් අනතුරුව , එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සම්බන්ධ වෙමින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙසේ ශ්‍රී ලංකාවට එවා තිබුණි.
මේ ආකාරයට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ශ්‍රී ලංකාව වෙත එවා තිබූ පස් වන කණ්ඩායම මෙයයි.
ඔවුන් 04/24 දින අලුයම 06.05 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස අතර පිරිමි සේවකයින් 17 දෙනෙකු සහ ගැහැණු සේවිකාවන් 35 දෙනෙකු සිටි අතර ඔවුන් අනුරාධපුරය , ගාල්ල , කොළඹ සහ රත්නපුර යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වූහ.
මේ පිළිබඳව වාර්තා කිරීම සදහා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පිවිසීමට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාගෙන් අවසර ලබා ගැනීමට උත්සාහ කළ ද , ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේයෙ.
එසේම මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවා කවුළුවෙන් විමසූ විට , එම ගුවන් යානයේ ගුවන් ගමන අවලංගු වී ඇති බව , එහි සේවිකාවක පැවසුවාය .
පසුව එම ගුවන් යානය පිළිබඳව ගුවන් තොටුපළ ගුවන් යානා තොරතුරු කේන්ද්‍රයෙන් (Flight Information ) විමසූ විට , එම ගුවන් යානය 04/24 දින අලුයම 06.05 ට කුවේටයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව තහවුරු කළ අතර , ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එවැනි තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සහිත පිරිසක් කුවේටයේ සිට පැමිණි බව සනාථ කළේය .
මෙසේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි පිරිස සිය ගම්බිම් බලා රැගෙන යාම සදහා , ඔවුන්ගේ ඥාතීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

