හෝමාගම පොලිස් වසමේ සිංහඅරණ මාර්ගයේ ඇළ මාර්ගයක් ආසන්නයේ නාඳුනන මළ සිරුරක් ඇති බවට හෝමාගම පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 41 ක් වූ පිටිපන, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු හෝමාගම රෝහලේදී සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී, මෙම මරණය ගෙල කපා සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී ඇත. මරණකරු 2026.07.15 දින රාත්‍රී යතුරුපැදියෙන් කුලී ගමනක් ගොස් සිටියදී මෙම ඝාතනය සිදුව ඇත. මරණකරුගේ යතුරුපැදිය, රන් මාලයක්, ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය සැකකරුවන් විසින් කොල්ලකා පලාගොස් ඇත.
සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.