කුලියාපිටිය හෙල්මට් චන්ඩියා අල්ලයි
නිවැරදි මන්තීරුවේ ගමන්ගත් අයෙකුට වැරදි ලෙසින් යතුරුපැදිය ගැටීමට සලස්වා නිවැරදි පැදිකරුට ආරක්ෂක හිස්වැසුමෙන් පහරදීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍යජලා වල ඊයේ පටන් සංසරණය වන අතර අදාළ පහරදුන් බව කියන සැකකරු කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙසින් අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය නගරයේ නිරන්තරයෙන් ගැවසෙන අයෙකු වූ අතර පොලිසිය පවසන අන්දමට අදාළ සැකකරුට එරෙහිව නඩු කිහිපයක්ද පැවති බවත් අනාවරණය වී ඇත.
සැකකාර පැදිකරු කාන්තාවක්ද කැටුව පැදවූ යතුරුපැදිය මීගහකොටුව මන්සන්ධියෙන් ප්‍රධාන මාර්ගයට ඇතුලුවන විට ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් නියමිත මාර්ගනීති අනුව පැමිණි මැදිවයසේ අයෙකුගේ ගැටීමට ගොස් නවතාගන්නා අයුරු හා පසුව සැකකරු ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් පැදිකරුට ආරක්ෂක හිස්වැසුමකින් පහරදෙන අයුරුත් අදාළ මාර්ගයේ ගමන්ගත් මෝටර් රියක සවිකොට තිබූ කැමරාවක ඉතා සුපැහැදිළිව සටහන්ව තිබූ අතර එය සමාජ මාධ්‍යයේ සංසරණය වීමෙන් අනතුරුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ සම්බන්ධව පොලිස් කණ්ඩායමක් යොදවා ඉතාම කෙටිකාලයකින් සැකකරු අනාවරණය කරගන අත්අඩංගුවටගෙන තිබිණ.සැකකරු අදාළ වීඩියෝ දසුන් පෙළ සමගින් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

