කුලියාපිටිය නගර සභාවෙන් මාලිමා මන්ත්රීවරු පිටව යද්දී අයවැය ඒකමතිකව සම්මත වෙයි
කුලියාපිටිය නගර සභාවේ 2026 වසර සඳහාවූ විශේෂ සභාවාරයේ අදහස් දැක්වීමේ අවස්ථාවේදී පාලක පක්ෂය අදහස් දක්වමින් සිටියදී ප්රති පක්ෂය වූ ජාතික ජනබලවේගයේ මන්ත්රී කණ්ඩායම නැගීසිට චන්ද විමසීමටත් මත්තෙන් සභාගර්භයෙන් පිටව යාමෙන් සභාපතිවරයා ගෙන ආ අයවැය ඒකමතිකව අද (13)සම්මත විය.
සභාවේ පාලක පක්ෂය වූ උපසභාපති වරයා ඇතුළු සජබ, එජාප, පොදුජන පෙරමුණ හා පොදුජන එක්සත් පෙරමුණ යන ඒකාබද්ධ මන්ත්රී කණ්ඩායම අයවැයට පක්ෂව අදහස් පළකළ අතර ජාතික ජනනලවේගයේ මන්ත්රීන් තිදෙනෙක් පමණක් අයවැයේ පවත්නා අර්බුධකරීත්වය පෙන්වාදෙමින් අදහස් පලකළහ.
එහිදී සජබ නියෝජනය කරන එරාන් හල්පේ මහතා චෝදනාත්මක ස්වරයෙන් සියලු දෙනා එක්ව නගරයේ අයවලුන් වෙනුවෙන් සේවය කළයුතු බැව් පනතේ අණපනත් ප්රකාරව පෙන්වාදීමත් සමගම තමන්ටද ඊට පිළිතුරු බැඳියයුතුබව ජාජබ මන්ත්රීන් කළ ඉල්ලීමෙන් පසුව සභාවේ යම් උණුසුම් තත්වයක් හටගැණින.
අයවැය කතාවේදී විවාදාපන්න ස්වරූපයක් නොව එක් එක් මන්ත්රීන්ට අදහස් දැක්වීම පමණක් කළහැකි බවත් අදහස් දැක්වූ මන්ත්රීවරුන්ට යළි අවස්ථාව නොලැබෙන බැව් රීති ප්රකාරව පෙන්වාදීමත් සමගම ජාජබ මන්ත්රීන් පිරිස සභා ගර්භයෙන් පිටව ගියහ.
එහිදී සභාපති ගාමිණී කරුණාරත්න මහතා කියාසිටියේ ඔවුන් විරුද්ධවූයේ අයවැයට නොව 2026 ජනතාවගේ සංවර්ධනයට බවයි. කෙසේවෙතත් 2026 අයවැය සභා ගර්භයේ සිටි මන්ත්රීන් ගෙන් ඒකමතිකව සම්මත විය.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්ර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

