ලංකාවේ පළමු වරට සී 4, සී 5 කුරුඳු වර්ග දෙකෙහි කිලෝවක මිල රුපියල් 5000 සීමාව ඉක්මවා ගිය බව සමස්ත ලංකා කුරුඳු සංගමය කියයි.මේ වනවිට එම කුරුඳු වර්ග දෙකේම කිලෝවක මිල මේ වන විට රුපියල් 5300 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුරුඳු සංගමයේ සභාපති සමන් ප්රියන්ත විජේවිකම මහතා කීය.
සී 4,සී5 කුරුඳු වර්ග දෙකේ මිල මෙරටේ කුරුඳු කර්මාන්ත ඉතිහාසයේ මේසා විශාල මිලකට ඉහළ ගිය පළමු හා එකම අවස්ථාව බවද සමන් ප්රියන්ත මහතා කීය.
විශේෂයෙන්ම මැද පෙරදිග යුද්ධයක් ආරම්භවී ඇති සමයක කුරුඳු මිල මේ ආකාරයෙන් වැඩිවීම හිතා ගැනීමට ඉතා අපහසු කාරණාවක් බවද ඔහු කීවේය.