කුරුණෑගල හිටපු නගරාධිපතිගේ පෙත්සම සලකා බැලීම අද
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම වැළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු හතරදෙනෙකු ගොනු කළ පෙත්සම් අද (07දා) දින සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (06) තීරණය කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබිණි.
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය මීට පෙර තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බව සඳහන් කරන පෙත්සම්කරු එම තහනම් නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළ බවද සඳහන් කරති.
තමන්ට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ නඩු පැවරීමේ හැකියාවක් පොලීසියට ඇති හෙයින් එම කටයුතු වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කැවෝ මෙම පෙත්සම් ඉදිරිපත් කරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

