කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා මාරු කරයි
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර යවා ඇත .
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය විසින් එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් වන නියෝගය එවා ඇති අතර , අදාළ ස්ථාන මාරුවෙන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ධූරයේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතාව පත්කර ඇත .
කොව්ඩ් 19 වසංගතය මර්දනය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් චෝදනා එල්ල කර තිබෙන අතර , එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන තෙක් ඊයේ (6) දිනයේ සිට අදාළ ස්ථාන මාරුව ලබාදී ඇත .

popular news
-
Don Friday, 08 May 2020 09:54 AM
මහා මැතිවරණයකට දින නියම කර තියෙද්දී දේශපාලන මාරුකිරීම් තහනම් නේද? මැ.කො.නම් දැන් ගෝටගේ මල්ලේ. රාජ්‍ය සේවා කොමිසම නිර්දේශ කරපු නිසා නීතියට පටහැනි නෑකියල එයා කියන්න දත මැදගෙන ඉන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

