කුරුණෑගල නගර සභා බල ප්‍ර දේශයෙන් ආසාදිතයන 08ක්
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයෙන් අද (5) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හමුවූ බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.
කුරුණෑගල නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් සහ රැකියාවල නියුතු පුද්ගලයන් අහඹුව තෝරා ඊයේ (4දා) කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් පිරිස හමුවී තිබේ. මෙම පිරිසත් සමඟ මේවනවිට කුරුණෑගල නාගරික බල ප්‍රදේශය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හමුවී ඇත.
ඊයේ දිනයේ හමුවූ ආසාදිතයින් 08 දෙනාගෙන් තිදෙනෙකුම කුරුණෑගල ඉලුප්පුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
තවත් දෙදෙනෙකු අම්මාන් කෝවිලට සහ ගල්වල කාලිුඅම්මාන් කෝවිලට සම්බන්ධ අය වන අතර, අනෙක් තිදෙනා කුරුණෑගල සෞම්‍ය මාවත ප්‍රදේශයේ සහ විල්ගොඩ පාර හා මීගමු පාරේ පදිංචි අය බව පැවසේ.
මේ ආසාදිතයින් අතර කාන්තාවකද සිටියි. මොවුන් අතරින් කීප දෙනෙකු නගරයේ ව්‍යාපාරික ස්ථාන වල සහ හින්දු කෝවිල් වල සේවය කරන බවට හඳුනාගෙන තිබේ.
මෙම ආසාදිතයින් හමුවූ ප්‍රදේශ ඉතා ජනාකීර්ණ ප්‍රදේශ බැවින් ආසාදිතයින් වාසය කළ නිවෙස්වල සිටින පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගත් බව නගරාධිපති තුෂාර සංජීව මහතා ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

