මධ්‍යම අධීවේගි මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කොටසේ අදාළ ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
මෙම කොටස සඳහා අත් කරගත් වන්දි මුදල් කොටසක් ගෙවා ඇති ඉඩම් කැබලි සඳහා ඉතිරි වන්දි මුදල් ගෙවීමට හා වන්දි මුදල් නොගෙවූ ඉඩම් කැබලි අත්පත් කර ගැනීමේ පනත ප්‍රකාරව අන් සතු කිරීමටත් 2023-2-20 දි පැවැති කැබිනට් මණ්ඩල රුස්විමේදී අනුමතිය ලබා දී තිබේ.
මේ අනුව මෙම කොටසේ ඉඩම් අත්පත් කර ගැනිමේ ක්‍රියාවලියේ භෞතික ප්‍රගතිය සියයට 73.02ක් ලෙස සැලකේ.
මේ අනුව අත්හිටුවා ඇති කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කොටසට අදාළ ඉදිරි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමතිය හිමිව ඇත.