කුරුණෑගල මූලස්ථාන පොලීසියේ දැනුවත් කිරීම හේතුවෙන් කුරුණෑගල නගරයේ පෙම් සුව විඳීමට පැමිණෙන ලාබාල පෙම්වතුන්ගේ විශාල අඩුවක් මේවනවිට දක්නට ලැබෙන බව වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේදී පෙම්වතුන් සම්බන්ධයෙන් රට තුළ වාර්තාවූ ඇතැම් අවාසනාවන්ත සිදුවීම් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවද ජයලත් මහතා පැවසීය.
පෞද්ගලික පන්ති වලට හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා යන බව පවසමින් දෙමාපියන් රවටමින් වයස අවුරුදු 13 සහ 17 අතරේ පසුවන ඉතාම ලාබාල පාසල් සිසු සිසුවියන් දුර බැහැර ප්‍රදේශ වල සිට පෙම් සුව විඳීම සඳහා කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන කරා පැමිණෙන බවද ඇතැම් ලාබාල සිසුවියන් තමන්ට වඩා බොහෝ වයසින් වැඩි විවාහකයන් සමඟ පවා නොදැනුවත්කම හේතුවෙන් පෙම් සබඳතා පැවැත්වීමට යාමෙන් අමාරුවේ වැටී ඇති අවස්ථා බොහෝ විට වාර්තා වී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
මෙම කරුණු සැලකිල්ලට ගෙන පොලිස් නිලධාරීන් යොදවා කුරුණෑගල නගරයට පැමිණෙන ලාබාල පෙම්වතුන් හඳුනාගෙන ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය උපදෙස් පවා ලබා දීමේ වැඩ පිළිවෙලක් මේවනවිට ක්‍රියාත්මක කර ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩ පිළිවෙලට අනුව අනන්‍යතාවය තහවුරු කරගෙන සිටින ලාබාල පෙම්වතුන් සම්බන්ධ තොරතුරු නැවත අනාවරණය වුවහොත් ඔවුන්ගේ දෙමාපියන් වෙත ඔවුන් පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරේ.