තණමල්විල පොලිස් වසමට අයත් ගල්වලයාය පාර අසලදී ඉකුත් (04) වෙනිදා කුරියර් සේවකයෙකුට පහරදී බියගන්වා ඔහු ලඟ තිබූ රුපියල් අසූදහසක් වටිනා මුදල් සහ දේපළ මංකොල්ලකෑමේ සිද්ධියක් පිළිබඳව තණමල්විල පොලීසිය පරීක්ෂණ පවත්වයි. පැමිණිලිකරු හඳපානාගල වෙහෙරයාය ප්රදේශයේ පදිංචි විසිදෙහැවිරිදි අයෙකු වන අතර ඔහු ඉකුත් 04 වෙනිදා තම සමාගමට ලැබුණු පාර්සල් 38 බෙදාදීමට ගොස් එයින් 33 අයිතිකරුවන්ට ලබාදී ඒ සඳහා මුදල් රුපියල් හැටදහසක්ද ලබාගෙන ඇත.
ඉතිරි පාර්සල් පහ බෙදාදීම සඳහා තණමල්විල ගල්වලපාර ප්රදේශයේ නිවසකට ගිය අවස්ථාවේදී බීමතින් එම ස්ථානයට පැමිණි අයෙකු ඔහුගේ හිසට පහරදී මුදල් සහ ඉතිරි පාර්සල් තොගය සහිත බෑගය උදුරාගෙන පළාගොස් ඇත.
ඒ අසල සිටි පාර්සලය ලබාගැනීමට පැමිණි අය සැකකරු හඳුනාගෙන ඇත. වහාම ක්රියාත්මකවූ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් එම ප්රදේශයේම පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇත.මංකොල්ලකන ලද මුදල් සහ පාර්සල් තොගය සොයාගෙන නැත.
තණමල්විල පොලිස් ස්ථානාධිපති ඩී.එම්.පී බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක