කුරියර් මගින් කොළඹ සිට නුවරට හෙරොයින් ජාවාරමක්
කුරියර් සේවාව මගින් කොළඹ සිට මහනුවරට හෙරොයින් මත්කුඩු රැගෙන ඒමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් හසුකරගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය සමත්ව සිටී.
කොළඹ සිට මහනුවරට ව්‍යාජ ලිපිනයක් සහ ජංගම දුරකථන අංකයක් යොදා එවන ලද ලිපියක් පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහක් තිබී හමුවීමත් සමඟ මෙම මහා ජාවාරමේ සුලමුල හෙළිව තිබේ .
ඉතා සූක්ෂම ලෙස මත් කුඩු අසුරා ලිපිය මහනුවර ව්‍යාජ ලිපිනයකට එවීමෙන් මෙන් පසු එම ලිපිනයට අදාල ලිපිය බාර දීමට නොහැකි වූ විට අදාළ ජංගම දුරකථනයට ඇමතු විට පුද්ගලයකු පැමිණ කිසිවෙකුට සැකයක් නොසිතන ආකාරයට එම මත්කුඩු අඩංගු ලිපිය ලබා ගැනීම සංවිධානාත්මක කණ්ඩායමේ ක්‍රමවේදය වී ඇති බව පොලීසිය කියයි .
පරීක්ෂා කරන ලද හෙරොයින් මත් කුඩු අඩංගු ලිපිය භාර දුන් පුද්ගලයා ද ව්‍යාජ තොරතුරු අදාල ආයතනයට ලබාදී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර එම ලිපියේ සඳහන් කොට තිබූ ජංගම දුරකථන අංකය හිමි පුද්ගලයාගේ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔහු මේ වන විට එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන සිදු කරමින් පවතී .
ෂේන් සෙනෙවිරත්න


popular news
-
Mary Friday, 11 March 2022 03:51 AM
Very importnt news.Thanks
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

