රජය ලහි ලහියේ ගෙන එන ජල කළමනාකරණ පනත ජනතාව එක්ව වහාම නවතා නොගත්හොත් ඉදිරියේදී ගොවිපලවල් වලට කුඹුරට ජලබිල එන එක නවතා ගන්නට නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.
ජාතික ජන බලවේගය සමස්ථ ජනතාව දැනුවත් කොට රජය ජලය අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබෙන ජල කළමනාකරණ පනත හකුල ගන්නා තුරු සටන් කරන බව ඔවුහු වැඩිදුරදුරටත් අවධාරණය කරති.
"ඉවරයි" "කුඹුරටත් ජල බිලක්" යන තේමාව යටතේ යොජිත ජල කළමනාකරණ පනත සහ ජල සම්පත් විකිණීමට එරෙහි සම්මන්ත්‍රණය 25 දින පස්වරුවේදී දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශ්යේ පැවති සම්මන්ත්‍රණයේ දී මේ බව අනාවරණය කරන්නට විය.
දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනම , සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කොට තිබිණි ප්‍රධාන දේශකයන් තිදෙනෙකු ජල කළමනාකරණ පනත සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.
ඒ අනුව අශෝක රන්වල, සමන්ත විද්‍යාරත්න ,නාමල් කරුණාරත්න. යන මහත්වරුන් ජල කළමනාකරණ පනත සහ ජලය අලෙවි කරන ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීම සිදු කරන්නට විය.
මුලින්ම ජල කළමනාකරණ පනත සහ එහි ආදීනව ජලය අලෙවිකරණ ක්‍රමවේද පිළිබඳව ජනතාව දැනුවත් කළ නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මේ වන විට එරික් සොලයින් ඇතුළු කණ්ඩායමක් ජල කළමනාකරණ පනත රැගෙන ඒම සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කොට ඇති බවය. අතීතයේ සිට අවස්ථා ගණනාවක් මේ ආකාරයෙන් ජලය අලෙවි කිරීම් සඳහා අවශ්‍ය පසුබිම සකසා තිබුණු බවද එම සියල්ල යටපත් කර ගැනීමට හැකි වූ බව පෙන්වා දුන්නේය
මෙම පනතේ සඳහන් කොට ඇති ජලය භූගත ජලය සහ මතුපිට ජලය රජයේ සම්පතක් ලෙස ත් ඒ අනුව ජලය සඳහා වාණිජමය වටිනාකමක් තැබිය යුතු බවත් පනතේ සඳහන්ව ඇතැයි කියයි.
ගෘහස්ථ පරිභෝජනය සඳහා ලබාගන්නා සීමිත ජලය ප්‍රමාණයට කර්මාන්තශාලා සඳහා ලබාගන්නා ජලය සඳහා මිලක් සඳහන් කොට තිබෙන බවත් එහෙත් මිලක් නැති අනෙකුත් වැව් අමුණු ආදී ජනතාව පරිභෝජනය කරණ ජලය සඳහා බිලක් සැකසීම ද අවශ්‍ය වටපිටාව මෙහිදී සූදානම් කර තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
කුඹුරු වගාව සඳහා අක්කර අඩි ගණනට බිල සැකසීම් ජල බද්ද සැකසීම් මෙම ක්‍රියාවලිය යටතේ සිදුකර කරන බවද හෙතෙම සඳහන් කළේය.
අක්කර බදු ගෙවන ආකාරයට වැවෙන් ලබාගන්න ජලයට ජල බද්ද ලබාගැනීම සිදුකරන බව හෙතෙම දැඩි ලෙස දැනුම් දීම් විශේෂත්වයකි