කුඹුක්කන් ඔය ආශ්‍රිතව මොනරාගල ප්‍රදේශයේ මැණීක් පතල් හෑරීමේ මුවාවෙන් සිදු කෙරෙන විශාල පරිසර හානිය සම්බන්ධව වහාම ආරක්ෂක අංශවලට දැනුම් දී විමර්ශනයක් අරඹන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.
කුඹුක්කන් ඔය වැලි කැණීම් බලපත් ලබා දී තිබෙන්නේ පුද්ගලයින් හතර දෙනෙකුට පමණි. නමුත් මෙම කුඹුක්කන් ඔය ආශ්‍රිතව බලපත් නියෝග උල්ලංඝනය කරමින් මැණික් හෑරීම සිදු කරන අතර කුඹුක්කන් ඔයේ සිට මීටර් 20ක් පමණ ඉතා සමීපයෙන් පවා මැණික් පතල් හෑරීම සිදු කෙරෙන බව වාර්තා වී තිබේ.
මේ සම්බන්ධව ආරක්ෂක අංශවලට පැමිණිළි කර වහාම ඒ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙස ද අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දෙනු ලැබීය. ඒ අනුව අධ්යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා ඊයේ මොනරාගල නියේජ්‍ය පොලිස්පති වරයාටත්, විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රධාන අණ දෙන නිලධාරිවරයාටත් මෙම කාරණය සම්බන්ධව වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ලිපි යොමු කරනු ලැබීය.
එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාට ද ලිපියක් යවමින් කුඹුක්කන් ඔය ආශ්‍රිතව මැණීක් පතල් මුවාවෙන් සිදු කෙරෙන පාරිසරික විනාශය නතර කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලීමක් කර තිබේ.
මේ අතර විශේෂයෙන් ගංගා හා ඔයවල් ආසන්නයේ මැණික් පතල් හෑරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් බලපත් ලබා දෙන විට මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයක් ලබා ගැනීම පරිදි එම කටයුතු සිදු කිරීම සම්බන්ධව ඇති හැකියාව සොයා බලන ලෙස ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දෙනු ලැබීය.
කුඹුක්කන් ඔය ආශ්‍රිතව සිදු කකෙරෙන විශාල පාරිසරික හානිය සම්බන්ධව වාර්තා කළ මාධ්‍ය වේදීන්ටද එම ජාවාරම්කරුවන් විසින් තර්ජනය කළ අවස්ථා ද සැළකිල්ලට ගනිමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙම පියවර ගනු ලැබීය.
